සයුරෙන් එතෙර
ඉරාන විදේශ කටයුතු ඇමති ඉරාකයට
June 28, 2026 11:47 am
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරාකය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම සංචාරයේදී ඔහු එරට ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
එහිදී ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් ඇතුළු අනෙකුත් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
